ආවේශය සමඟ එකතුවුණු පාඨකයින්ට බොහොම ස්තූතියි. ආවේශය ලියන්න පටන් ගත්තේ සුපුරුදු වජිරදේවිට ඇතිවුණු ප්‍රශ්න යටපත් වෙනකම් කට වහගෙන ඉන්න ඕනේ නිසා. වෙස් මූණු දාගෙන මොනා කරන්නද..ලියන්න පුලුවන් විදියට නැතුව බලෙන් හිත හිතා ලියන්න හරි අමාරුයි.
දැන් නැවතත් එකතු වෙන්න වජිරදේවිගේ ලිපි සමඟ.... vajiradevi.blogspot.com
Wednesday, August 17, 2011
Saturday, August 13, 2011
කන්දක් සේ මා...
අනේ නූපා සං හැම ගෑණියෙක්ම ඔය රොමෑන්තික ප්‍රේමය පස්සේ දුවනවා. කරුමෙ කියන්නේ ඕක පස්සේ දුවනකොට හති වැටෙන්නෙත් හරි හිමින්. කාලයක් ගියාට පස්සේ. කොච්චර නොලැබුණත් වයසට ගියාට පස්සේ හරි ලැබෙයි කියලා හිතෙනවනේ. ඕං ඔහොමයි ස්ත්‍රී චින්තනයේ හැටි.
මසායා සං ලැබුණු ආදරේ නැතුව ගොලු වෙලා. කසාඳ ගෑණි හිටියට හිතේ ඉන්නේ වෙනම ගෑණියෙක්. නූපා සං ආදරේ කරන්න ආසයි. ආදරේ හොයනවා තාමත්. මසායා සං කසාඳ මිනිහා වුණාට නූපා සංගේ හිතට දැනෙන්න ආදරේ කරන්න දන්නේ නෑ. ලෙඩක් දුකක් උණාම ලඟටම වෙලා ඔලුව අත ගගා ඉන්න මිනිහෙක්..ගෑණි කෑවද බිවුවද කියලා තමන්ට දැනෙන මිනිහෙක්..ගෑණිගේ කඳුලු බිංදුවක් වට්ටන්න ලෝබ මිනිහෙක්... අනේ අද කාලේ නම් කොහෙන් හොයා ගන්නද..පුදුමේ කියන්නේමෙ සත්‍ය දැනගෙනත් ලැබෙන්නේ නෑ කියලා දැනගෙනත් මේ ගෑණු හිත් හොයන්නේම රෝස මල් රොමෑන්තික ප්‍රේම කතා නේ.
ජීවිතේ එක පාරක් හරි පපුවට දැනෙන්න සීමාවක් නැතුව ආදරේ කරන්න පුලුවන් නම්. අනේ ඒ වගේ මිනිහෙක්ගෙන් ළමයෙක් හදාගෙන තනියම හිටියත් හිතට සැපයි. අද කාලේ ඉන්න ගොඩක් මිනිස්සු ජයනාථලා, ලනිල්ලා..නූපා සංට වඩා ලොකු ප්‍රේමයි පොඩි ප්‍රේමයි වාසනාවන්තයි. ඒ ඇත්තිලා දෙන්නගේ පුරුෂයා ප්‍රේමණීය නිසා. කාගේවත් කතන්දර වලට බය නොවී තමන්ට හිටපු ගෑණු දෙන්නටම එක වගේ සලකපු නිසා. ගෑණියෙක්ගේ චිත්ත සන්තාතනය හරියට අඳුනගත්ත නිසා.
නූපා සං ලංකාවේ ඉන්නේ නැතුව ජපානෙට පැනලා ගියේ අම්මලා තාත්තලා ලැජ්ජාවෙන් බේර ගන්නද..එහෙම නැත්තම් ආදරෙයි කියලා හිතාගෙන හිටපු වේස මිනිහගේ කවරේ ගැලවුණු නිසා තමන්ගේ හිත හදා ගන්නද.. කෝ ඉතින් ගෑණි හිතන විදියට මසාය සං ආදරේ කරනවයැ. ඉරි තලන විවාහ ජීවිතයක් තියෙනකොට ගෑණු ආදරේ හොයන් යන එක පුදුම වෙන්න දෙයක් නෑ. නැත්තම් පොඩි කෙල්ලෙක් වගේ සුමල්ගේ පිටිපස්සේ වැටෙනවයැ. රැවටෙනවා කියලා දැන දැනත් සුමල් පස්සේ යන්නේ ඒ මිනිහ එක්ක නිදා ගන්න ඕනෙ කමට විතරක් නෙවෙයි. ගෑණියෙක්ට ආදරේදී එකට නිදා ගන්නවා කියන්නේ බොහොම සුළු සිද්ධියක් විතරයි. ආදරේ කියන්න බර වචනේ ඇතුලේ තියෙන හරි පොඩි ක්‍රියාවක් විතරයි. ඕක ඉතින් සමහර පුරුෂයින්ට ඔලුවේ වැඩ කරන එකම දේනේ. ගෑණියෙක් අල්ලගෙන තමගේ කුලප්පුව සමනය කරගත්තාම හරි කියලනේ හිතාගෙන ඉන්නේ.
නූපා සංට ඕනේ කරන..හිතේ ඉන්න පරමාදර්ශී පෙම්බර චරිතයට අනුගත වෙන්න සුමල්ටත් බැරිවුණා.
මෙච්චර දේවල් වුණාට පස්සේ මසායා සංට පුලුවන්ද ඒ හිරිවැටුණු ලේ නහර අයේමත් උණුසුම් කරන්න...අනේ මන්දා නූපා සං... ඔය හිතේ ඉන්න පෙම්බරයා කවද ඇත්තක් වෙයිද.. මාත් මේ තවම බලන් ඉන්නේ එහෙම කෙනෙක් එනකම්..එහෙම නැත්තම් ගල් වැදිල ඇහැරිලා මාව මේ හීනෙන් එලියට වැටෙනකම්...
Friday, August 12, 2011
බලාපොරොත්තුව
අනේ..දුරකථනය විශේෂම හඬකින් නාද වෙනකොට හුස්ම වැටෙන්නේ නැතුව ගියා. කොච්චර කල් ගත වුණත් මේ සුවිශේෂ බැඳීම වෙනස් වෙන්නේ නැති වෙන්නේ හැටි. අතීතයේ වෙච්ච දේවල් හරියට චිත්‍රපටියක රූප රාමු වගේ ඇස් දෙක ඉස්සරහ නිවි නිවි මැවුණා. අද එදා ඉඳල සෑහෙන්න කාලයක් ගෙවිලා ගිහින්. ඒත් ඒ මතක වල වටිනකම වැඩි වෙලා විතරයි. පොඩ්ඩක් වත් අඩු වෙලා නෑ. ජීවිතේ අමාරු වෙලාවට යන්තම හුස්ම ගැට ගහගන්න ඒ මතක උදවු කරනවා. පණ ගැහෙන නහර වැල් වලට අමුතුම රිදමයක් එකතු කරන්න පුලුවන් ඒ පුරුෂ සුවඳට විතරයි.
මේ අවුරුදු ගාණට අත්දැකපු චූල පුරුෂයෝ, මහා පුරුෂයො වගේ පෙනී හිටින්න හදන ගඳ ගහන දෙබිඩි චරිත ස්වභාවයන් තියෙන නර පණුවෝ, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහා පුරුෂයෝ නම් වර්ග කරලා බෙදලා පැත්තකින් අරන් තියන්නත් බැරි තරම්. තමන්ගේ කියලා කිසි කෙනෙක් අල්ලගෙන හිර කරලා තිය ගන්න බෑ. ඒත් සමහර සුවඳවල් හැමදාටම හිතේ ගැඹුරුම රහසිගත තැන් වල හිර වෙලා. අදටත් ඉවර වෙයි කියලා ලෝබ කමක් නැතුව ඒ සුවඳ විඳින්න පුලුවන්.
ජීවිතේ හැම මොහෙතෙම වෙනස් වෙනවා. එකට රස විඳපු හින්දි සින්දු අහන්න අද මම තනියම. ඒ විදියටම හිතට අරක් ගත්ත පුරුෂයත් වෙනම රටක තනියම. ඒත් ඒ සින්දු ඇහෙන වාරයක් පාසා සුපුරුදු සුවඳ හිත වටේ රවුම් ගහනවා. කියා ගන්න බැරි වුණාට අදටත් ඒ ආදරේම ඇති හිනා වෙලා ජීවත් වෙන්න.
'හෙලෝ..'
හුස්මත් හිර වුණා.
මුලු ලෝකෙම සතුට දෙපා මුලුට ආවා වගේ. ආයෙමත් දවසක විනාඩියකට හරි සතුටින් ජීවත් වෙන්න මම මඟ බලන් ඉන්නවා..මේ නරා වලෙන් එලියට ඇවිත් හිනා වෙන්න..ඒ ආත්මීය පුරුෂ සුවඳ විඳින්න..ආරක්ෂාකාරී හැඟීමෙන් වට වෙලා ඉන්න තව කොච්චර කල් බලන් ඉන්න ඕනෙද..

Subscribe to:
Posts (Atom)