ආවේශය

කවුද බ්ලොග් ලියන්නේ..ඒවයෙ ජීවත් වෙන චරිත ඇත්ත ඒවද එහෙම නැත්තම් නිර්මාණය කරපු ඒවද කියලා හොයන්න මහන්සි වෙන්නේ නැතුව කියවලා රසවිඳින්න විතරක් බැරි ඇයි.. නිර්මාණයකට උසස් විදියට සලකන පුද්ගලයෝ විතරක් බ්ලොග් කියවනවනම් සැබෑ චරිත වලට මේ වගේ ආවේශයක් වෙලා ලියන්න ඕනේ නෑ. ස්වාභාවික රචනා ශෛලිය පවා වෙනස් කරන්න වෙනවා සමහර වෙලාවට මේ දඩයක්කාරයන්ගෙන් බේරෙන්න. කොයි වෙලාවේ හරි ආවේශය ගලවලා ආයෙත් ප්‍රකෘතියට එන්න පුලුවන් නම්.. කරුණාකරලා නිර්මාණයක් රසවිඳින්න පුලුවන් පුද්ගලයෝ විතරක් ආවේශය එක්ක එකතු වෙනවානම් හොඳයි. ආවේශය මෙහෙම කියන්නේ ඉතාමත් අප්‍රසන්න අත්දැකීම් වලට මූණ දීලා ඉන්න නිසා.
ආවේශය කියලා කියන්නේ, සමාජයේ වෙන සිදුවීම් වඩා විවෘතව නිර්මාණාත්මකව කතිකාවතකට ලක් කරන අවකාශයක්. අදාල පාත්‍ර වර්ගයා කාගේ කවුද, කොහෙද ඉන්නේ, මේවා ලියන්නේ කවුද කියලා හොයන්න වැඩක් නෑ. ඕනෙම පාඨකයෙක්ගේ විවේචන, අදහස් ඉතාම අගය කොට ආවේශය බාරගන්නවා.